අප රටේ අපනයන විශාල ප්‍රමාණයක් යොමුවන ඇමෙරිකා එක්සත් ජනපදය ඒ මත 44%ක ප්‍රතිචාරාත්මක බද්දක් පැනවීම නිසා අපේ නිෂ්පාදනවල තරගකාරීත්වය නැති වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අප රටේ ඇඟලුම් අපනයනවලින් 40%ක් ඇමෙරිකාවට යවන බවත් මේ ගැන රජය දැනුවත් කළේ දැනට මාස කිහිපයකට පෙර සිට බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.
එහතේ රජය ඒ ගැන තැකීමක් නොකර උද්දච්චකමින් ඒවා විහිළුවට ලක් කරමින් සිටියත් අද වන විට මෙම බදු පැනවීම අප්‍රේල් 9 වැනි දා සිට ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.
අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ට අලුත් අවුරුදු නිවාඩුව අවසන් වන විට රැකියාවේ අවිනිශ්චිතභාවයක් මතුවිය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.
මේ නිසා කර්මාන්තශාලා කඩා වැටී රැකී රක්ෂා අහිමි වී ආර්ථික වර්ධන වේගය පහළ ගොස් සමස්ත ජනතාවටම බරපතල හානියක් සිදුවන බවත් මෙය 2028 ණය ගෙවීමට ද විශාල බාධාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ආසනයේ පැවැති මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.