ඇමරිකාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මත පනවා ඇති 30%ක බදු අඩු කර ගැනීමට කටයුතු නොකළහොත් ඇමරිකානු ඇඟළුම් ගැනුම්කරුවන් වෙනත් රටවල සැපයුම්කරුවන් සොයා යනු ඇතැයි දේශීය ඇඟළුම්කරුවෝ අනතුරු අඟවති.
එම බද්ද අගෝස්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ඇඟළුම් තරඟකරුවන් වන වියට්නාමය ඉන්දියාව වැනි රටවලට 20%ක බදු පැනවීමක් පමණක් සිදුවිය හැකි නිසා මෙරට බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට උපරිම උත්සාහ කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.
පසුගිය වසරේ මෙරට ඇඟළුම් ආනයනවලින් 40%ක් පමණ ඇමරිකාවට සිදුකොට ඇති අතර වර්තමාන බදු ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් මෙරට ඇඟළුම් කර්මාන්තයට ඉන්දියාව විශාලතම තර්ජනය වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.