ට්‍රම්ප් බද්දෙන් බේරෙන්න ලොකු වන්දියක්… තෙල් ගුවන් යානා සහ සෝයා ඇමරිකාවෙන්…

July 13, 2025 at 12:33 pm | by emanisa.lk

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 30% අන්‍යෝන්‍ය තීරුබදු සහනය තහවුරු කර ගැනීම සඳහා දෙරට අතර දැනට පවත්නා වෙ⁣ළෙඳ පරතරය අඩුකර ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඇමෙරිකාවෙන් භාණ්ඩ මිල දී ගැනීම වැඩි කිරීමට තීන්දු කර ඇත. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවෙන් කොටසක්, මෙරට පෞද්ගලික අංශයට අදාළ සමාගමකට බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් සහ සෝයා නිෂ්පාදන අමුද්‍රව්‍ය මුලින්ම මිලදී ගැනීමට යෝජනා කර ඇත.

මීට අමතරව දෙරට අතර ආනයන අපනයනවල දී දැනට බලපවත්වන වැට් බදු ඉවත් කර එයින් සහනයක් ලබාදීමටත් යෝජනා කර තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැක්ම අනුව වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීම නිසා එම සහනය ප්‍රදානය කරන ලෙසද එරටින් ඉල්ලීමක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *