ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්වපාක්ෂික සාකච්ජාව සාධනීය බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
“සාකච්ජාව ධනත්මයි. සාර්ථකයි. අපේ අදහස් සහ ජනාධිපතිතුමාගේ අදහස් එකවාගේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න. එතුමා කිව්වේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට ලියුමක් ලිව්වා වෙළෙඳ පරතරය අඩුකරගන්න මොකක්ද වැඩපිළිවෙළ කියල. හැබැයි භාණ්ඩාගාර ලේකම් විශේෂ ලියුමක් ලියල තියෙනවා. ඒකත් එක්ක තමයි මේ වැඩේ පටන් ගන්නේ. විපක්ෂයෙන් ඊට වඩා වෙනස් අදහස් ඉදිරිපත් වුණේ නැහැ.
නමුත් මධ්‍ය කාලීනව, දීර්ඝ කාලීනව රට ලෝකෙට එකතු කරන්න රටවල් අතර තියෙන තාප්ප කුඩු කරලා ඒ වෙනුවට පාලම් බඳින්න ඕනේ කියන එක මම දැඩිවම කිව්වා. ඔහු ඇත්ත වශයෙන්ම ඒක පිළිගත්තා. ඇත්තටම හොඳයි. හොඳ දෙයක් වුණේ. අපේ අදහස්වලට ජනාධිපතිතුමා ගරු කළා. බොහොම හොඳ සාකච්ජාවක්.”