එළැඹෙන අප්‍රේල් 10 වෙනිදා සිට අමෙරිකානු ආනයන මත සියයට 34ක අමතර තීරුබද්දක් පනවන බව චීනය නිවේදනය කරයි.
ඒ අමෙරිකාවේ නව තීරුබදු ක්‍රමවේදයට ප්‍රතිචාර ලෙසිනි.
අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ මත සියයට 10ක තීරුබද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වෙනිදා තීරණය කළේය.
ඒ අමෙරිකාව විමුක්තිය ලැබීමේ දිනය ලෙස අප්‍රේල් දෙවැනි දා නම් කරමිනි.
ඊට අමතරව එරට සමඟ වැඩිම වෙළෙඳ අතිරික්තයක් පවතින රටවල් 60කට මූලික තීරු බද්දට අමතරව තවත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත් අතර ඉන් වැඩිම බලපෑම ලක්වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත්ය.