ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ කටින් ඉතිහාසය සහ සෞන්දර්ය අවශ්‍ය නැතැයි කියවා ගැනීමට ලැබීම ජේ.ආර්. ජයවර්ධන ලද විශාලතම ජයග්‍රහණය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ජේ.ආර්. ජයවර්ධන සාහිත්‍ය කන්න දැයි අසා මේ රටේ විෂය මාලාවෙන් සාහිත්‍යය සහ ඉතිහාසය ඉවත් කළ බව ද හෙතෙම පෙන්වා දෙයි.
ඔහු පාසල් සිසුන්ට ස්වර්ණ සූත්‍ර නමින් පොතක් ලබා දී එමගින් ලංකාවේ ඉතිහාසය 1977 ආරම්භ වන බවට නව ඉතිහාසයක් ලියූ බව ද පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි.
එකල ජවිපෙ ඉතිහාසය සහ සාහිත්‍යය අවශ්‍ය යැයි කියමින් ආණ්ඩුව සමග සටන් කළ බවද එම සටනින් උපන් දරුවන් තමන් බව ද හෙතෙම සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් පුබුදු ජයගොඩ මේ බව කීය.