ජෙරම් හෝ උබට් සමග කිසිම සම්බන්ධයක් නෑ..! ආගමික වෛරය පතුරුවන්න කිසිවෙකුට ඉඩ නෑ…! – මහින්ද….

May 18, 2023 at 11:17 am | by emanisa.lk

සිම්බාබ්වේ පාස්ටර් උබට් ඒ්න්ජල් හෝ ‌පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ජන වාර්ගික අසමගිය හෝ ආගමික වෛරය පැතිරවීමට රටේ කිසිදු ඉඩක් ලබා දිය නොහැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

උබට් ඒ්න්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු වරක් මුණ ගැසුණේ තමා අගමැති සහ ආගමික කටයුතු ආමත්‍යවරයා ලෙස බව ද මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. ඒ් සඳහා වන ඉල්ලීම ලැබුණේ ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලයෙන් බවත් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ආගමික නායකයින් මුණ ගැසීමට ප්‍රමුඛත්වය ලබා දුන් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ආගමික ගැටුම් ඇති වන ආකාරයට ජෙරම් ප්‍රනාන්දු පසුගියදා සිදුකළ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවයි, මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස