ජෙරම් පාස්ටර් අර අඳින්නේ ආගමික යුද්ධයකට..! බෞද්ධයින් බුද්ධිමත්ව වැඩ කළ යුතුයි…! – චාල්ස් තෝමස් පියතුමා..

May 16, 2023 at 12:43 pm | by emanisa.lk

නැවත වතාවක් අප රට තුල ආගමික යුද්ධයකට පාර කපන්නට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි…

ක්‍රිස්තියානිය පිළිබඳව කරන මෙවන් වැරදි ඉගැන්වීම් සහ තවත් ධර්මයක් පිළිබඳව කරන විකෘති අර්ථකතනයන් හරහා අප රටේ ඊලඟ ආගමික යුද්ධයට පාර කපන බව අපි සිහියේ තබාගත යුතු අතර … ජේසු පිළිබඳව නිවැරදිව සාක්ෂි දැරීම ක්‍රිස්තියානි කතෝලික අපගේ පරම වගකීම බවද සිහියේ තබාගෙන කටයුතු කල යුතුයි.

එසේම මෙවන් පෞද්ගලික මත ප්‍රකාශ කරන අය ඉදිරිපිට අප රටේ ජීවත් වන බෞද්ධ ජනතාව ඉතාම බුද්ධිමත්ව කටයුතු කලයුතු අතර .. කිසිසේත්ම නැවත අප රට තුල ආගම් අතර යුද්ධයකට පාර කපන්නට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය.

චාල්ස් තෝමස් පියතුමා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස