ජූලි චන්ග් පොහොට්ටුව දෙසට හැරේ… උදේම පොහොට්ටු කාර්යාලයට…!

February 14, 2025 at 12:37 pm | by emanisa.lk
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් අද (14) පෙරවරුවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබේ.
උදෑසන 10ට පමණ ජූලි චන්ග් එහි පැමිණ ඇති අතර පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇත.
මෙහිදී තානාපතිනිය පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක සහ ජයන්ත කැටගොඩ මුණගැසී සාකච්ඡා කොට තිබේ.
ඊයේ ජාතික සංවිධාන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර ඊට පොදුජන පෙරමුණේ ප්රබලයකු වන ආචාරය සර්ත වීරසෙකර ද සහභාගී වූ පසුබිමක මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *