ජූලි චන්ග්ට එරෙහිව කරන්නාගොඩ නීතිය හමුවට….!

May 3, 2023 at 8:22 am | by emanisa.lk

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග්ගේ ක්‍රියාකලාපයෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංගනය වූ හෙයින් ඊට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගන්නා බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පවසයි.

ඒ, මෙරට අමෙරිකානු තානාපතිනිය වෙත ලිපියක් යොමු කරමිනි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තමා සහ තම බිරිඳ අමෙරිකාවට ඇතුළුවීමට සුදුසුකම් නොලබන පුද්ගලයන් ලෙස නම් කිරීම පිළිබඳ විදේශ අමාත්‍යවරයා වෙත කල් තියා දැනුම්දීමට අමෙරිකානු තානාපතිනිය ගත් ක්‍රියාමාර්ගයට අප්‍රසාදය පළ කරමින් හිටපු නාවික හමුදාපතිවරයා මේ ලිපිය යොමු කර ඇත.

තමාට එවැනි තහනමක් පනවා ඇත්තේ නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකර බවත්, කිසිදු චෝදනාවක් පිළිබඳව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් කර නොමැති බවත් ඔහු යැවූ එම ලිපියේ වැඩි දුරටත් සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස