විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්රම මෙන් ම ජැක්සන් ඇන්තනී ද කිසිදා නොමැරෙන චරිත බව ප්රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.
ප්රවේගය චිත්රපටයේ ජැක්සන්ගේ බිරිඳ ලෙස රඟපෑ තමන් ඔහු එම චිත්රපටයේ මරණයට පත්ව ගෙන ආ අවස්ථාවේ පැය ගාණක් හඬා වැටුණු බව ද ඇය සඳහන් කරයි.
ජැක්සන් ඇන්තනී නම් උත්තරීතර කලාකරුවා කිසිවෙකුගේ සිත නොරිද්දු බවත් සියලු දෙනා සමග සතුටින් සිටිමින් විශ්වකෝෂයක් බඳු දැනුම බෙදා ගත් අයකු බව ද දමිතා ප්රකාශ කරයි.
ජැක්සන් ඇන්තනීගේ අභාවයෙන් මුළු රට ම හඬ වැටෙන බවත් ඔහුට නිවන් සුව පතන බවත් දමිතා අබේරත්න වැඩි දුරටත් ප්රකාශ කළාය.