රුපියල් ලක්ෂ 75ක් සමඟ අත්අඩංගුවට ගත් ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයන් බේරා ගැනීම සඳහා ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරයෙක් තමන්ට තර්ජනය කළ බව පෑලියගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා චෝදනා කරයි.
අදාළ සිද්ධිය ගොඩින් බේරා ගැනීම සඳහා තමන්ට රු. ලක්ෂ 15ක අල්ලසක් දීමට සූදානම් වූ බව ද ඔහු අනාවරණය කරයි.
මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහර දීමේ සිද්ධිය අසත්‍යයක් බවත් නීතීඥ සංගමය, නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂග්රාහීව කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි.
එසේ ම ඩුබායි රටේ සිට තමන්ට මරණ තර්ජනය කිරීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳවද ඔහු අනාවරණය කළේ ය.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.