තමා උතුරට ගොස් දෙමළ ජනතාවට තර්ජනය කළේ යැයි රනිල් වික්‍රමසිංහ චෝදනාවක් කොට ඇතැයි ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා කැත විදිහට මෙම මැතිවරණයේ දී ජාතිවාදය උත්සන්න කිරීමට උත්සාහ කරමින් ඇතැයි අනුර දිසානායක පෙරළා චෝදනා කරයි.
රනිල්ට උත්තර දෙන්න උවමනා නැති බවත් දෙමළ ජනතාව නියෝජනය කරන සුමන්දිරන් ඔහුට නියම උත්තරය ලබා දී ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
රට තුළ ජාතිවාදය පැතිරවීමේ දේශපාලනය දැන් අහෝසි වී ඇති බවත් සමාව ගත යුත්තේ රනිල් වික්‍රමසිංහ බවත් අනුර දිසානායක අවධාරණය කරයි.