ජාතික ආරක්ෂාව බිඳ වැටිලා… අපේ ආරක්ෂාවට ආයුධ ඕන..! – දිලිප් වෙදආරච්චි….

February 23, 2025 at 6:01 pm | by emanisa.lk

මිද්දේණියේ පසුගියදා ඝාතනය වූ කජ්ජා නම් පුද්ගලයා අරගලය අවස්ථාවේ වෙඩි තබා දෙදෙනෙකු මරා දමා තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් වෙදආරච්චි පවසයි.

සිය රහස් හෙළි වෙතැයි බියෙන් රාජපක්ෂලා ඔහු ඝාතනය කළ බවට සහ ජනතා විමුක්ති පෙරමුණ ඔහු ඝාතනය කළ බවට ප්‍රචාරයන් දෙකක් ඇතැයි ද ඔහු සඳහන් කරයි. කජ්ජා සූදු පොළවලින් කප්පං ගන්නා අයකු බව ද වෙදආරච්චි ප්‍රකාශ කරයි.

මේ ආකාරයට රට පුරා මිනි මැරූම් සිදුවන පසුබිමක ජාතික ආරක්ෂාව තහවුරු වී ඇතැයි සහතික වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ, මන්ත්‍රීවරයා සිය ආත්ම ආරක්ෂාව සඳහා ආයුධ ලබා දෙන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *