ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් නෑ.. පාතාළේ කැළඹිලා…! – ආරක්ෂක ලේකම්…

August 5, 2025 at 3:10 pm | by emanisa.lk

මේ වන විට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත පවසයි.

පාතාළය ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොමැති අතර එය මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය කරන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

දේශපාලන ආරක්ෂාව අහිමි වීමෙන් පාතාළය කැළඹී ඇති බව ද තුයියකොන්ත සඳහන් කරයි.

පාතාළය මර්දනය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ වැඩපිළිවෙළත් දියත් කර ඇති බවත් ඒ සඳහා නීතිමය රාමුව යටතේ අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *