ජාත්‍යන්තර සමුළුවේදි ඉතා සූක්ෂ්ම උත්තර දුන්නා.. ෆේස්බුක් ගොයියන්ට ඒවා තේරෙන්නෑ….! – ඇමති විජිත හේරත්….

March 20, 2026 at 9:37 am | by emanisa.lk

ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට පක්ෂග්‍රාහී නොවන, සෘජු හා ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, එය “දැලිපිහියෙන් කිරි කන්නාක් වැනි” අතිශය අවදානම් සහගත ක්‍රියාවලියක් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි.

ජාත්‍යන්තර සංවාදවලදී ඉතාම සූක්ෂ්ම ලෙස ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන බව සහ සාගර ආරක්ෂාව බිඳ වැටීම වත්මන් ගැටලු රැසකට මුල බව තමන් පැහැදිලි කළ බවද එය ඇතැම් ෆේස්බුක් ගොයියන්ට තේරුම්ගත නොහැකි බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ ඉරාන නාවිකයන් රඳවා ගෙන ජාත්‍යන්තර නීතියට අනුකූලව රඳවා තබා ගන්නා අතර ඇමරිකාව සමග රාජාතාන්ත්‍රික ලෙස කටයුතු කරමින් එම ක්‍රියාවලිය රටට වාසිදායක ලෙස පවත්වාගෙන යමින් ඇතැයිද ඇමති විජිත හේරත් සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *