ජාත්‍යන්තරයට බොරු කියලා රටට බෝම්බ දාන්න ඉඩ තියන්න එපා…! – ගම්මන්පිල ජනපතිගෙන් ඉල්ලයි…

August 15, 2025 at 5:30 pm | by Namal

ශිෂ්‍යත්වය අවසාන කරන බව පවසා පුංචි ළමුන් ද රෝහලක් දෙන බව පවසා අලි ද දූපතක් දෙන බව පවසා වඳුරන්ද රැවටීමට ආණ්ඩු කටයුතු කළේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඉන් නොනැවතී ආණ්ඩුව ලෝක බලවතෙකු වන ඉන්දියාව ද රවටා ඇතැයි ගම්මන්පිල ප්‍රකාශ කරයි. දඹුල්ල ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර පසුගිය අපේල් 05 වෙනිදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි රැවටීමට එය විවෘත කොට ඇතැයිද හෙතෙම චෝදනා කරයි.

මේ වන විට මාස හතරක් ගත වුව ද එහි කටයුතු තවමත් නිමා කර නොමැති බවත් රටට බොරු කර නොනැවතී ජාත්‍යන්තරයට මෙවැනි බොරු කිරීමෙන් දෙරට අතර ගැටුම් ඇති වීමේ අවධානමක් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට පැමිණ නැවත කෙතරම් බොරු කීව ද ඉවසාගෙන සිටීමට සූදානම් බව ද රටට බෝම්බ වැටෙන තැනට වැඩ නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද උදය ගම්මන්පිල සඳහන් කරයි.

දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය. ගබඩාව විවෘත කිරීමට පෙරම ඒ සඳහා රු. 8,409,000ක විදුලි බිලක් ලැබී ඇති අතර එය නොගෙවීම නිසා විදුලිය විසන්ධි කොට ඇති බව ද එහි දී අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස