ජවිපෙ හැර වෙන පක්ෂෙක පාපිස්සටවත් නොගන්න අය අද මාර වීරයෝ වෙලා…! – ජනපති…

May 15, 2025 at 1:02 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්නට වෙනත් දේශපාලන කඳවුරක පාපිස්සට නොගන්නා පුද්ගලයන් අද මහා වීර චරිත බවට පත්ව ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

“තමන් එක්ක එකට එක සටන් පෙරමුණේ සටන් කරන කෙනා තව විටක ඊට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පණ පොවනවා. අදත් අපි ඒක දකිනවා.

ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනික් දේශපාලන කඳවුරක පාපිස්සටවත් නොගන්න අය මාර වීර චරිත බවට පත් වෙලා.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනතා විමුක්ති පෙරමුණට වසර 60ක් පිරීම නිමිත්තෙන් ඊයේ විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේ පැවැති උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *