පසුගිය සමයේ පැවති ආණ්ඩු විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ගත් සියලු උත්සාහයන් කඩාකප්පල් කළ ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණ ලංකාවේ විශාලතම රාජ්‍ය ව්‍යවසාය කැබලිකර පෞද්ගලීකකරණය කිරීම දෛවයේ සරදමක් බවත් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.
උමා ඔය ව්‍යාපෘතිය රටට අහිමි කිරීමට කළ හැකි සියල්ල කළද එය අසාර්ථක වූ නමුත් සාම්පූර් බලාගාරය ඉදිකිරීම නතර කරලීමට ඔවුන්ට හැකි වූ බවයි, ඔහු අවධාරණය කළේ.
එමගින් පමණක් වසරකට ඩොලර් බිලියනයක් රටට අහිමි වන බවත් මේ වන විට එම පාඩුව ඩොලර් බිලියන 10 ඉක්මවා ඇති බවත් මහින්ද පතිරණ පෙන්වා දෙයි. සාම්පූර් බලාගාරය ඉදිකළේ නම් ලංකාවේ පෞද්ගලික ඩීසල් බලාගාරය 10 වසා දැමීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කරයි.
අනතුරුව බලයට පැමිණි ගෝඨාභය ආණ්ඩුවේ සූර්යබල විදුලි උත්පාදන ව්‍යාපෘතියද වර්තමාන ආණ්ඩුව නතර කළ බවට මහින්ද පතිරණ චෝදනා කරයි. මෙහි වන්දිය රටේ විදුලි පාරිභෝගික ජනතාවට විඳීමට සිදුවන බවද ඔහු සඳහන් කරයි.
එම පක්ෂයේම ආණ්ඩුවක් විසින්ම ලංකාවේ විශාලතම රාජ්‍ය ව්‍යවසාය කැබලිකර පෞද්ගලීකකරණය කිරීම දෛවයේ සරදමක් බවද ඔහු අවධාරණය කරයි.