එවක එජාප රජය දියත් කළ ජවිපෙ සමූල ඝාතනය කිරීමට එරෙහිව මහින්ද රාජපක්ෂ කොළඹ සිට කතරගමට පා ගමනක් ගිය බව හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා පවසයි.
එලෙස ජවිපෙ සමූල ඝාතනය නතර කළ හිටපු ජනාධිපතිවරයා නිල නිවසින් නෙරපා දැම්මේ ඊට කෘතගුණ දැක්වීමට බවයි, ඔහු සඳහන් කළේ.
කොටි ප්‍රහාරයකින් ඇසක් අහිමි වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ඉල ඇටවල සැත්කමක් සිදුකර ඇවිදීමට නොහැකිව සිටින අවස්ථාවක නිවසින් එළියට දමා ඇති බව ද සරත් එන්. සිල්වා චෝදනා කරයි.
මෙවැනි කෘර ම්ලේච්ඡ ක්‍රියාවලට තමන් විරුද්ධ බව ද හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසා බැලීම සඳහා මැදමුලන කාල්ටන් නිවසට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.