ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව මේ වන විටත් බලය අතහැර අවසන් බව ගල් අඟුරු වංචාව හමුවේ හැසිරුණු ආකාරයෙන් තහවුරු වන බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.
“මම හිතන්නෙ ජවිපෙ බලය අතහැරල ඉවරයි. ඔවුන්ට ආපහු බලය ගන්න අවශ්‍යතාවක් නැහැ. ඔවුන් ආපහු මහ ඡන්දයට කලින් කිසිම ඡන්දයක් තියෙන්නෙත් නැහැ. ඔවුන්ට අවශ්‍ය මේ ඉතිරි ටික කොහොමහරි ගෙවල දාන්න. ඒක තමා ජවිපෙ හැසිරීමෙන් තේරුම් ගන්න පුළුවන් එකම දේ.
නැතිනම් වංචා දූෂණ චෝදනාවලට ජවිපෙ කීයටවත් මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙ නැහැ. ගල්අඟුරු වංචාවට එරෙහිව ජවිපෙට සහාය දීපු අතිබහුතරයක් පවා ඉදිරියට ආවා. ඒත් අනුර ඇතුළු ජවිපෙ ප්‍රධාන කණ්ඩායමට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකෙ දේශපාලන මිළ ගෙවන්න සූදානම් බව තමා ඔවුන් පෙන්නන්නෙ.
අනික තමා කුමාර ජයකොඩි කියන්නෙ අනුරම තමා. අනුරගෙ මුල්ම කාලෙ ඉඳල හිටිය ඉනර්සර්කල් එකේ හිටිය කෙනෙක්. දැන් ඔහුට අධිචෝදනා පවා එල්ල වෙලා තියෙන්නෙ අනුරගෙන එදා කෘෂි ඇමති කාලේ කරපු වංචාවකට. දැන් ඒක අනුර නොදන්නව නෙමෙයි. හැබැයි කුමාරට එරෙහිව අනුරට වැඩ කරන්න බැහැ. ඒක තමන්ටම එරෙහිව යෑමක් වෙනවා.
හැබැයි අනාගත දේශපාලන අපේක්ෂා නැති නිසා යාළුවත් තමනුත් රැකිලා මේ වංචාවලින් උපයාගත්ත කළු සල්ලි ඔවුන්ට වටිනවා. සමහර විට ජවිපෙ ඇතැම් අය මේකට කැමති නැහැ. ඔවුන් හිතනවා අනුර මේ පාවා දෙන්නෙ තමන්ගේ දේශපාලන අනාගතය කියල. පැහැදිලි ව ජනවරම කියල.
ඒත් ඔවුන්ට කරන්න දේකුත් නැහැ. ජේ ආර් වගේ ම අනුරත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි සාක්කුවේ දාගෙන ඉන්නෙ. ඔවුන් වැටුපේ ඉඳල මුළු ජීවිතය ම පාලනය කරන්නෙ අනුර සහ පක්ෂය.”
FB