ජවිපෙ පෙරටුගාමී කල්ලිය හැදුවේ අපිව මරල රටේ බලය ගන්න…!

December 16, 2022 at 1:12 pm | by emanisa.lk

මැයි 09 වැනිදා නිවාසවලට ‌ගිනි තැබුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලය ලබා ගැනීමට නොහැකි ජවිපෙ සහ පෙරටුගාමී පිරිස් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔවුන් උත්සාහ කළේ ජනතා නියෝජිතයින්ට පහර දී මරා දමා බලය තහවුරු කර ගැනීමට බවත් ජනතාව අද වන විට එම සත්‍ය තේරුම් ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම කණ්ඩායම විසින් නිවාස අටසීය ගණනක් විනාශ කොට ඇති බවත් ඒ සඳහා සාධාරණයක් ඉටු විය යුතු බවත් ප්‍රසන්න රණතුංග කීය.

අමාත්‍යවරයා කියා සිටියේ අරගලය අවසානයේ අතට ගත්තේ කුඩුකාරයන්, ගංජාකාරයන් සහ ගණිකාවන් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *