ඉදිරියේ දී ජාතික ජනබලවේගය ජනතාවාදී ආණ්ඩුවක් සාදා මේ රටේ ජාතික ධනය සොරකම් කරන ලද දූෂිතයන් සියල්ලන්ටම අනිවාර්යයෙන්ම දඬුවම් කරන බව ජවිපෙ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
මීගහතැන්න මොරගල පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.
අද වෙනකොට මේ ආණ්ඩුව පොලීසිය රංචු පිටින් දාලා පාසල් ළඟ පොඩි එවුන්ගෙ බෑග් අවුස්සලා ‘අයිස් හොයනවා’ සමහර පොඩි අය දන්නෙත් නෑ මේ අයිස් ගැන ඒ පොඩි දරුවො හිතනවා ඇති අලුත් අයිස් ජාතියක ඇවිල්ලද කියලා කඩෙන් අරගෙන උර උර යන අයිස් පැකට් වගේ’.
අයිස් ලංකාවේ හදන්න බෑ.ඒවා එන්නෙ පිට රටින් එහෙම එන්න පුළුවන් ගුවනින් හා මුහුදෙන් පමණයි. ගුවනින් තියෙන්නෙ එක ගුවන්තොටුපළක් පමණයි. එතනට නිලධාරීන් කීපදෙනකු දාලා එන අයගෙ බෑග් බලන්නෙ නැතිව, නාවික හමුදාව දාලා මුහුදෙන් එන ඒවාට වැට බඳින්නැතිව මුළු පොලිසිය ම දාලා ඉස්කොලේ යන දරුවන්ගේ බෑග් අවුස්සනවා.
අල්ලන්න ඕනා කුඩු මේ රටට ගේන මහ එවුන්. ඒ නිසා අපිට බලය ලැබුනොත් අපි පටන්ගන්නෙ ඉහල ඉදන් පහළට දඩුවම් දෙන්න.
ජාතික ජන බලවේගය අගලවත්ත ආසන බල මණ්ඩල රැස්වීම් අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය.