ජපානය සහ පිලපීනය ට්‍රම්ප් එක්ක ඩීල් එකක… ඇමරිකාව තීරු බදු 15%ට බස්සයි…!

July 23, 2025 at 3:52 pm | by emanisa.lk

ඇමරිකාව ජපානය සහ පිලිපීනය මත පනවා තිබූ දැවැන්ත තීරු බදු අඩු කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ජපානයට 15%ක සහ පිලිපීනයට 19%ක තීරු බදු ප්‍රතිශතයක් පමණක් පැනවීමට කටයුතු කර තිබේ.

ඒ ඇමරිකාව ඊයේ (22) ජපානය සහ පිලිපීනය සමග අත්සන් කළ වෙළඳ ගිවිසුම්වලට අනුවය.

කෙසේ වුව ද මුදල් නි. අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ ඇමරිකාව සමග තීරු බදු පිළිබඳ සාකච්ඡා කරන එකම රට ලංකාව බවයි. ලංකාව මත පනවා ඇති ඇමරිකානු තීරු බද්ද 35%කි.

මෙම සාකච්ඡා සඳහා ජපාන අගමැති සහ පිලිපීන ජනාධිපතිවරයා ඇමරිකාවට ගොස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා පිටත් කොට හැරියේ නි. මුදල් ඇමති ප්‍රමුඛ දූත පිරිසකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *