ජපන් බැංකු මෙරට බැංකුවල ණයවර ලිපි පිළි නොගනී.. වාහන ආනයනය අර්බුදයක..!

February 15, 2025 at 10:55 am | by emanisa.lk

ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇතත් ජපන් වාහන ආනයනය කිරීමේ දී ගැටලුවක් මතුවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ පෙන්වා දෙන්නේ ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගතව පත්ව ඇති බවයි.

ඒ හේතුවෙන් වාහන ආනයන සමාගම් හා ආනයනකරුවන්ගේ පෞද්ගලික විශ්වාසය හා ඔවුන්ගේ හැකියාව මත වාහන ගෙන ඒමට සිදුවී ඇති බවද ඔහු කියා සිටියේය.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට බැංකු හරහා තවත් ක්‍රමවේදයක් ඇති බවත් එයින් ද සිදුවන්නේ වාහනවල අමතර මුදලක් වැය වී වාහන තවත් මිල ඉහළ යාම බවද හෙතෙම තව දුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *