ජනාධිපති සපොට් කළොත් ක්‍රිකට් ලොක්කෝ අවුරුදු 15කට හිරේ දානවා…! – රොෂාන් රණසිංහ…

November 8, 2023 at 10:39 am | by emanisa.lk

අර්ජුන රණතුංග කුමන පක්‍ෂයක ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තම ඇමැති ධුරය ඔහුට ලබාදීමට සූදානම් බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසයි.

පාර්ලිමේන්තුවට පත්වුවද අර්ජුන රණතුංගට කිසිවකු ක්‍රීඩා ඇමැති ධූරය ලබා නොදුන් බවත්, තමා සුදුස්සාට සුදුසු තැන ලබා දෙන බැවින් සිය ඇමැති බලතල අනුව ඔහුට අතුරු කමිටු සභාපති තනතුර ලබාදීමට කටයුතු කළ බව ද ඇමැතිවරයා පෙන්වාදෙයි.

වත්මන් ක්‍රිකට් පරිපාලනයේ දූෂණ, වංචා නතර කිරීම මෙන්ම මහජන මුදල් අවභාවිත කරමින් පරිපාලනය සිදු කරන ‘සුදිය ගැසීම’ නතර කිරීමට පියවර ගත යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයා, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ද සහාය දුන්නොත් නම් මුළු ක්‍රිකට් කමිටුවම වසර 15 කට හිරේ යැවිය හැකි බවත් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඇමැතිවරයා ඊයේ (07) මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *