ජනාධිපති ලේකම් පී.බීට හිරි ඔතප් නෑ…! ඉල්ලා අස්වන පාටක් නෑ…!

December 14, 2021 at 3:34 pm | by emanisa.lk

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, එම තනතුරින් ඉල්ලා අස්වනු ඇති බවට බොහෝ මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණ ද එවැන්නක් සිදු නොවනු ඇති බව ආණ්ඩුව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

එම ආරංචි මාර්ග ‌වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තව දුරටත් ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කිරීමට ඔහු තීන්දු කර ඇති බවය.

පසුගිය දින කිහිපයේ ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ පී.බී. ජයසුන්දර වෙනුවට දැනට වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් රාජකාරි කරන ඩී.එම්. අනුර දිසානායක ජනාධිපති ලේකම් ධූරය සඳහා පත් කරනු ඇති බවත් ය.

මේ අතර දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර ෆේස්බුක් සටහනක් තබමින් පවසා ඇත්තේ “හිරි ඔතප් නැත! අස් නොවනු ඇත!” යනුවෙන් පවසා තිබේ. ඔහු ද දැඩි පී.බී. ජයසුන්දර විරෝධියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *