ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්…!

October 29, 2024 at 3:29 pm | by emanisa.lk

රුසියානු හමුදාවට බැඳී ඇතැයි පවසන පිරිස නැවත ගෙන්වා දෙන ලෙස බලකරමින් අද (29) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

ඔවුන් පෙන්වා දෙන වංචනික ලෙස රුසියාවට රැගෙන ගිය සිය ඥාතීන් පිළිබඳ මේ වන විට කිසිදු තොරතුරක් නොමැති බවයි.

ඔවුන්ගේ වැටුප් තමන්ට නොලැබෙන බවත් එහෙයින් ජීවත් වීමේ මාර්ගයක් නොමැති බවත් එම පිරිස සඳහන් කරති.

පසුගිය ආණ්ඩුව සමයේ මේ ගැටලුව සඳහා විසඳුම් නොලැබුණු නිසා වර්තමාන ආණ්ඩුව මැදිහත් වී මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බව විරෝධතාකරුවෝ අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *