ජනාධිපති රටේ සල්ලිවලින් පිටරට ට්‍රිප් යනවා… රටට සත පහක වාසියක් නෑ…! – රෝහණ බණ්ඩාර…

July 31, 2025 at 6:40 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විදෙස් සංචාරවල නිතරව ඇත්තේ ඉතා අතළොස්සක් බවත් ඒ සියල්ල මගින් රටට යම් දෙයක් ගෙන ආ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.

වත්මන් ජනාධිපතිවරයා ද විදෙස් සංචාරවල නිරත වන බවත් එහි දී වඩිග පටුන මෙන් එක එක අය ඔහු නටවන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

අවසානයේ සංචාරය සාර්ථකව නිමවා ජනාධිපතිවරයා රටට පැමිණි බවට ප්‍රවෘත්තිය මිස එමගින් රට වැසියාට කිසිවක් ලැබුණු බවක් දැන ගන්නට නොමැති බව ද රෝහණ බණ්ඩාර සඳහන් කරයි.

එහෙයින් ඔහුගේ විදෙස් සංචාර ටුවරිස් වීසා ලබා ගෙන රටවල් බැලීම සඳහා සිදුකරන සංචාරවලට වැඩි යමක් නොවන බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *