ජනාධිපති රටට දුන් පොරොන්දු 22න් ඉටු කර ඇත්තේ එකයි…! – වෙරිටේ රිසර්ච්….

July 13, 2025 at 3:26 pm | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ජනාධිපතිවරයාගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමක් වන ‘අනුර මීටරය’ අනුව මෙම නිරීක්ෂණය ලැබී ඇතැයි එම ආයතනය කියයි.

ජනාධිපතිවරයා විසින් ඉටුකළ පොරොන්දුව වන්නේ, උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීමයි. එම බද්ද වැටුප රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ දමන බව ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වුව ද අනතුරුව එක්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ දැමිණි.

වෙරිටේ රිසර්ච් ආයතනය යටතේ පවත්වා ගෙන යන manthri.lk වෙබ් අඩවිය මගින් අනුර මීටරය ක්‍රියාත්මක වන අතර ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශ ආවරණය වන පරිදි ජනාධිපතිවරයාගේ පොරොන්දුවලින් 22ක් එයින් විමර්ශනය කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *