දෝෂාභියෝගයක් හරහා ජනාධිපතිවරයා ඉවත් කිරීම පහසු කටයුත්තක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
එබැවින් දැන් කළ යුත්තේ ජනාධිපතිවරයා පළවා හැරීම බවත් ජනාධිපතිවරයා, රාජපක්ෂ පවුල සහ ආණ්ඩුව ඉවත් වීමෙන් පසු අන්තර් කාලීනව රට තුළ දේශපාලන ස්ථාවර බවක් ඇති කර නව පාලනයක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු කියා සිටියේය.
”හා…දීලා බලමු වගේ භාගෙට විශ්වාස කරන්න එපා. අපිව පුර්ණ වශයෙන් විශ්වාස කරන්න. අපි විශ්වාසය බිංදොත් ඊළඟ ඡන්දෙදි ගහලා එලවන්න.” යැයි අනුර දිසානායක BBC සිංහල සේවය සමග සාකච්ඡාවකට එකතු වෙමින් සඳහන් කළේ ය.