රජයේ චෙක්පත් ලිවීම ඇතුළු සියලු පරිපාලන කටයුතු සිදුවන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට වන්දි වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම රාජ්‍ය යාන්ත්‍රණය තුළ යම් වරදක් සිදුව ඇත්නම් එය වහාම නිවැරදි කරන බවයි, ඔහු අවධාරණය කළේ.
චෙක්පත් අගරු වන තරමේ කිසිදු මුදල් හිඟතාවක් රජයට නොමැති බවත් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන සියලුම ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.