ජනාධිපති අනුර දිසානායක හමුදා මූලස්ථානයේ සිට ආපදා කළමනාකරණ ක්‍රියාන්විතය නිරීක්ෂණය කිරීම විවේචනය කිරීම පදනම් විරහිත බව ප්‍රංශයේ සිටින මාධ්‍යවේදී රෝහිත භාෂණ තෙන්නකෝන් පවසයි.
“ආණ්ඩුවේ කවුරුවත් ආවේ නෑ. හමුදාව විතරයි ආවේ. හමුදාව කාගෙද? සමහරු හිතා ඉන්නවා හමුදාවයි හාමුදුරුවෝ ටිකයි මහින්ද මහත්තයාගේ කියලා. ඒවා රටට අයිති දේවල් නෙමෙයි කියලා.
සන්නද්ධ සේවාවල සේනාධිනායකයා අනුර දිසානායක ජනාධිපතිවරයා. සියලු හමුදා කටයුතු කරන්නේ ජනාධිපතිගේ අණට. ජනාධිපතිවරයා බෝට්ටුවක ගිහින් 373 000ම බේර ගන්නද? ජනාධිපතිවරයා ත්‍රිවිද හමුදාවට නියෝග දීලා, ඒවා නිරික්ෂණය කරනවා.
දැන් අහනවා කාමරේකට වෙලා ටීවි එක දිහා බලාගෙන හිටියාම හරිද කියලා. එහෙම නොකර ජනාධිපතිවරයා කොතනට ද යන්න ඕන. ජනාධිපතිවරයා කොතනට ගියාමද සන්තෝෂ වෙන්නේ. හෙලිකොප්ටර් එකක් අරන් උඩින් ගිහින් photo shoot එකක් කළාමද සන්තෝෂ?”
වීඩියෝවක් නිකුත් කරමින් රෝහිත භාෂණ තෙන්නකෝන් මේ බව ප්‍රකාශ කොට ඇත.