ජනාධිපති කාර්ය මණ්ඩලේට නිල රථ රාජකාරියට විතරයි.. ගෙදර යන්න පාරේ බස් එකේ…!

October 23, 2024 at 9:37 am | by emanisa.lk

නව ජනාධිපති අනුර දිසානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නිල වාහන ලබා දීමේ දී කොන්දේසියක් පනවා ඇතැයි වාර්තා වෙයි.

ඒ අදාළ වාහන රාජකාරී කටයුතු සඳහා පමණක් භාවිත කළ යුතු බවයි.

ඒ අනුව සිය රාජකාරී කාලයේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට සිය නිල රථය පාවිච්චි කළ හැකි වුව ද ගෙදර යාමට සහ නැවත ඒමට සිය පෞද්ගලික වාහනය හෝ පොදු ප්‍රවාහනය භාවිත කළ යුතුය.

එසේම සිය පෞද්ගලික වාහනවලින් රාජකාරියට පැමිණිය ද ඒ සඳහා ඉන්ධන හෝ කිසිදු ගෙවීමක් නොකරන බව ද දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *