ජනාධිපති උගතෙක් හෝ බුද්ධිමතෙක් නෙමෙයි…! යුද්දේ කළෙත් හමුදාපති මිස කර්නල් නෙමෙයි…! කොළඹ කුලපති තේරිමෙන් එය පැහැදිලියි…! – හිටපු පුරාවිද්‍යා කොමසාරිස්…

November 7, 2021 at 10:42 am | by emanisa.lk

මේ කොළඹ සරසවියෙ කුලපති තේරිම ගැනයි. එම තේරීම සමාජයේ කතිකාවකට ලක්වෙලා. හරි අය තෝරන්න රටේ ජනාධිපති බුද්ධිමතෙක් හා උගතෙක් විය යුතුනෙ. කර්නල් කෙනෙක් ගෙන් අනවශ්‍ය දේ පතන්න එපා.

ඔහුට 20 – 30 ක හමුදා උප කණ්ඩයක් පාලනය කළ හැකිවා මිස ග්‍රාම සේවක කොට්ඨාශයක්වත් පාලනය කරන්න බෑ. දේශපාලනය කෙසේ වෙතත් යුද්දෙ කළෙත් හමුදාපති මිස කර්නල් නොවෙයි.

ජයවර්ධනපුර සරසවියේ පුස්තකාල සහයක තනතුරක උන් අගමැති ගෙනුත් එවැන්නක් පතන්න එපා. අපහාසයක් යැයි වරදවා ගන්නත් එපා.

මා මේවා කියන්නේ ඔවුන් මුලසුන දැරූ රැස්වීම් හා උත්සව සිය ගණනකට සහභාගි වූ නිලධාරියෙක් හා ආයතන ප්‍රධානියෙක් ලෙසට හා ඔවුන් ගත් බහුබූත තීන්දු නිතර අත්දැකි කෙනෙක් ලෙසට.

ආචාර්ය සෙනරත් දිසානායක
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *