ජනාධිපති අරමුදලින් මන්ත්‍රීලාට මොළ බද්ධ කළාද හොයනවා…! – ලක්ෂ්මන් නිපුණආරච්චි…

December 19, 2024 at 8:04 pm | by emanisa.lk

සිය ආණ්ඩුව මේ රටේ ජනතාවට වගකීමට බැඳී සිටිය ද පසුගිය ආණ්ඩු වගකීම දරාගෙන ඇත්තේ තමන්ට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.

ජනාධිපති අරමුදලට සිදුව ඇති දෙයින් එය පැහැදිලි වන බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති අරමුදලින් ලක්ෂ තුන්සිය ගණන් ලබා ගැනීමට තරම් ඔවුන්ට වැළඳුණු ලෙඩ මොනවා දැයි විමසන බව ද ඔහු සඳහන් කරයි.

එම පිරිසට කෘත්‍රීම බුද්ධියවත් බද්ධ කළේ දැයි සොයා බැලිය යුතු බව ද ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *