අලුත් අවුරුදු සුබ පැතුම් කෙටි පණිවිඩ මෙවර අලුත් අවුරුද්දේ නොයැවීම හරහා ජනාධිපති අනුර දිසානායක මහතා ලක්ෂ 980ක මුදලක් රටට ඉතුරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ඨහච්චි පවසයි.
“අලුත් අවුරුද්දටත් අපිට ෆෝන් එකට එන අවුරුදු සුභ පැතුම් එක්ක බලන කොට ජනාධිපතිතුමාගෙනුත් අපිට සුබ පැතුම් පණිවිඩයක් එන්න තිබුණා. හැබැයි මේ අවුරුද්දේ ඒක ආවෙ නෑ.
ඒ සුබ පැතුම් පණිවිඩය ආවෙ නෑ කියලා රටට ප්රශ්නයක් වුණෙත් නැහැ. අපිට ප්රශ්නයක් වුණේ නැහැ.
හැබැයි විශාල මුදලක් ඉතුරු වුනා කියන එක විතරක් කියන්න ඕනේ. පහුගිය අවුරුද්ද විතරක් මේ SMS එකට රුපියල් ලක්ෂ 980ක් වියදම් වෙලා තියෙනවා.
අපේ සල්ලි අරගෙන අපිටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා SMS ගහපු ඒ ක්රමය අපි අපේ නායකත්වයක් තුළින් වෙනස් කරලා තියෙන එකම අපි ලබපු ජයග්රහණයක් තමයි. නායකයෙක් ඉන්න ඕනේ අවුරුද්දට අපිට SMS ගහන්න නෙමෙයි.
අපි ගෙවන බදුවලින් නැවත වතාවක් මහ පොළොවේ ජීවත් වෙන අපිට සාධාරණව ජීවත් වෙන්න පුළුවන් විදිහට ඒ මුදල් බිමේ වැඩවලට යොදවනවා නම් ඒකට තමයි නායකයෙක් ඔ්න.”
ජාතික ජන බලවේග පලාත් පාලන මැතිවරණ ජන හමුවක දී ඇය මෙම අදහස් පල කළාය.