ජනාධිපතිවරයාත් කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් වෙයි….!

January 18, 2021 at 11:08 pm | by emanisa.lk

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු බවට පත්ව ඇත.

ඒ රාජ්‍ය ඇමති පියල් නිශාන්ත කොරෝනා ආසාදිතයෙකු බවට පත් වීමත් සමග ය.

පසුගිය ජනවාරි 15 වන දින හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත ලෙස එක් වූයේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ ය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත එම උත්සවයේ දී ජනාධිපති සමග ඉතා සමීපව ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

එසේ ම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට සමීපව කතාබස් කිරීම නිසා ව්‍යාපාරික නන්දන ලොකුවිතාන ද ආශ්‍රිතයෙකු වී ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *