20 වෙනි සංශෝධනය සම්මත කරගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කරගත නොහැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජවිපෙ අපේක්ෂකයකු ඉදිරිපත් කර එජාජ ශ්‍රීලනිප අපේක්ෂකයන්ට විශාල අභීයෝගයක් වන තුන් කොන් සටනක් නිර්මාණය කරන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයකු සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් හැදීම ගමෙ සිටින යූඇන්පිකාරයා ද විළිලැජ්ජාවට පත් කරන වැඩක් නිසා ඒ සඳහා ඡන්දය නොදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව හෙතෙ අවධාරණය කළේය.