ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහය රනිල්ට…! – දිලුම් අමුණුගම…

January 3, 2024 at 3:43 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඔහුට හිමිවන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

පොදුජන පෙරමුණේ බහුතර ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීමේ ගැටලුවක් නැතැයි ද හෙතෙම කීය.

රට දැන් නැවත යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි ද එහි ගෞරවය රනිල් වික්‍රමසිංහට හිමි විය යුතු යැයි ද දිලුම් අමුණුගම ප්‍රකාශ කළේය.

එකවර ගුවන්ගත වූ හෙලිකොප්ටරය තෙල් නැතිව සජිත්ගේ දෙපාමුල පතිත වී ඇතැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මහනුවර දී අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *