ජනාධිපතිවරණයේ දී අපි අනුරට උදව් කළේ නෑ…! – ඇමරිකාව…

October 3, 2024 at 9:01 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේ දී ඇමෙරිකාව කිසිදු අපේක්ෂකයකුට සහාය නොදැක්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චං මහත්මිය පැවසුවාය.

ඇමෙරිකාව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් සහාය දැක්වූ බවට කරන ප්‍රකාශ අසත්‍ය බවත් ඇය සඳහන් කළාය.

කොළඹ දී ඊයේ (02) සවස පැවති කොරියානු ජාතික දින උත්සවයට සහභාගී වී සිටිය දී ඇය මේ බව අවධාරණය කළාය.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *