ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතිකත්ව කඳවුර නියෝජනය කරන එකම කඳවුර සර්වජන බලය සන්ධානය වනු ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන අයුරින් ශාඛා කාර්යාල පිහිටුවමින් සිය සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය නුදුරේ දීම දියත් කරන බවයි, දිලිත් ජයවීර ප්‍රකාශ කළේ.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක දක්ෂිණාංශික ලිබරල්වාදය නියෝජනය කරන අතර තම සන්ධානය වමේ ජාතිකත්ව කඳවුර වෙමින් පෙර කී කණ්ඩායමට විකල්පය ලෙස ඉදිරිපත් වන බව ද හෙතෙම කීය.
මව්බිම ජනතා පක්ෂයේ ගාලු දිස්ත්‍රික් ශාඛා කාර්යාලය ස්ථාපිත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම අද (26) මේ බව කීය.