ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය හෙයින් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන සෙසු පුද්ගලයින් තමාට රට ගොඩනැගීමට නොහැකි වන බව දන්නා හෙයින් ඔවුන් කළ යුත්තේ රට ගැන සිතා ඉල්ලුම්පත්රවත් බාරදී නොදී සිටීම බව හෙතෙම කියයි. බැරි බව දැන දැනත් ජනතාවට අනවශ්‍ය බරක් පටවන්නේ නැතිව සිටීම ඔවුන්ගේ වගකීම යැයි ද වජිර අබේවර්ධන පෙන්වා දෙයි.
රටේ නායකත්වය බාරගෙන අරාජික රට ගොඩ නැගීමට සියලු දේශපාලන පක්ෂවලට අවස්ථාව උදාවුණත් එම අවස්ථාවේදී අද කතා කරන සියලු දෙනා එම වගකීම පැහැර හැරිය බව කී එජාප සභාපතිවරයා, එම වගකීම බාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණක් බව සඳහන් කළේය. ෙ