පාස්කු ප්රහාරය සම්බන්ධව තමන් හෙළිකරන තොරතුරු යටතේ හෙට (28) හෙළි කරන්නේ චැනල් ෆෝ නාලිකාව මගින් විකාශය වූ පාස්කු ප්රහාරය සම්බන්ධ තොරතුරුවලට අදාළ සාක්ෂි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.
තමා මෙලෙස තොරතුරු හෙළිකරන්නේ වත්මන් රජය අපහසුතාවට පත්කිරීමට නොව පාස්කු ප්රහාරයට සම්බන්ධ චූදිත පුද්ගලයන්ගේ බලපෑම්වලින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බේරා ගැනීම සඳහා යැයි ද කීවේය.
පාස්කු ප්රහාරය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් කතෝලික සභාවේ ප්රධානී රදගුරු හැරල්ඩ් ඇන්තනී පියතුමන් වෙත හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබාදී ඇති බවත් තමන් කටයුතු කරන්නේ කතෝලික සභාව සමග බවත් ඔහු සඳහන් කළේය.
එනිසා තමා හෙළිකරන තොරතුරු සම්බන්ධව රදගුරු මැල්කම් කාදිනල්තුමා කරන ප්රකාශ සම්බන්ධයෙන් මින් ඉදිරියට අදහස් ප්රකාශ කිරීමක් සිදු නොකරන බව ද පැවැසීය. පාස්කු ප්රහාරයෙන් කතෝලික ජනතාව පමණක් නොව බෞද්ධ ජනතාවත් පීඩාවට පත්වූ බව ද උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.