තමන්ට ආදරේ නම් මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ කොළඹ මහ නගර සභා පුරපති අපේක්ෂක මුජුබර් රහුමාන් පවසයි.
පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් නොවන්නැයි කියා තමාට පණිවිඩයක් එව්වා යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසත්‍යයක් බව කී මුජුබර් රහුමාන්, ජනාධිපතිවරයාගේ සිතේ තමා ගැන එවන් ආදරයක් තිබේ නම් කළ යුත්තේ පණිවිඩ එවමින් සිටීම නොව මැතිවරණය පැවැත්වීම බව ද සඳහන් කළේය.
එලෙස මැතිවරණය පවත්වා සත්‍ය ආදරයක් ඇති බව තහවුරු කර පෙන්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මුජුබුර් රහුමාන් කීය.
ගොඩක් වයසට යනතුරු දේශපාලනයේ රැඳී සිටීමට තමා අදහස් නොකරන බව පැවසූ මුජුබර් රහුමාන්, එසේ වයසට ගිය විට ජනාධිපතිවරුන් වගේ තමාත් ඔහේ කියවාවි යැයි බියක් දැනෙන නිසා ඊට පෙර දේශපාලනයෙන් සමුගන්නා බව ද සඳහන් කළේය.