දිට්වා ආපදාවෙන් පසුවත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් 70%ක ජන ප්‍රසාදයක් ඇතැයි සමාජ විද්‍යාඥයන්ගේ සංගමය එළිදැක්වූ සමීක්ෂණ වාර්තාවක දැක්වෙන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
“සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මඟින්, බලාපොරොත්තු නොවුණු විදියට ආණ්ඩුව සම්බන්ධයෙන් සාධනීය සමීක්ෂණ වාර්තාවක් එළිදක්වා තිබෙනවා.
ඒ සංගමය දිට්වා කුණාටුවෙන් පස්සෙ ජන හැසිරීම සම්බන්ධව, ජනාධිපතිතුමා සහ දේශපාලනඥයන් සම්බන්ධවයි මේ මත විමසුම කරලා තිබුණේ. වෙරිටේ රිසර්ච් සමීක්ෂණයෙන් පෙන්වා දුන්න ආකාරයටම මේ සමීක්ෂණයෙනුත් පෙනී යන්නේ ආණ්ඩුවට ජනතාවගේ තිෙයන ප්‍රතිචාරය අඩුවෙලා නැති බවයි.
ඒකෙදි ජනාධිපතිතුමාට සමස්තයක් ලෙස 70.7% ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා. රජයේ දේශපාලකයන්ට ලැබිලා තිබුණේ 45.75%ක ප්‍රසාදයක්. විපක්ෂයට තිබුණේ 23.6% වගේ ප්‍රසාදයක්. රටේ දේශපාලන මතය ගැන මෙයින් දළ අදහසක් ගන්න පුළුවන්.
දකුණු පළාතේ ජනාධිපතිතුමාට තිබෙන ප්‍රසාදය33%ක්. ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් ප්‍රසාදය 22%යි. විපක්ෂය සම්බන්ධව තිෙයන ප්‍රසාදය 20%ක්.
වැදගත්ම දේ උතුරු පළාතේ 86% ජන ප්‍රසාදයක් ජනාධිපතිතුමාට තියෙනවා. නැඟෙනහිර පළාතේ 89%ක ප්‍රසාදයක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තිබෙනවා. වයඹ පළාතේ 97% ප්‍රසාදයක් තිෙයනවා. උතුරේ විපක්ෂයට 12%ක් හා නැඟෙනහිර විපක්ෂයට තියෙන්නේ 19%ක ජන ප්‍රසාදයක් පමණයි.
පොදුවේ ජනාධිපතිතුමාට රටේම ප්‍රසාදය ලැබිලා තිෙයනවා. පහුගිය කාලේ රාජ්‍ය නායකයාට සිංහල ජනතාව අතර ඉහළ ප්‍රසාදයක් තිෙයනවා නම් ඔහුට වෙනත් ජනතාව අතර තියෙන්නෙ සුළු ප්‍රසාදයක් පමණයි. නමුත් මේ අවස්ථාවේ එය වෙනස්. රට පුරාම ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එක හා සමාන ජන ප්‍රසාදයක් දක්නට ලැබීම විශේෂත්වයක්. මෙය රටේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් දෙයක්.”