ජනාධිපතිගේ රැලියෙන් උසස් පෙළට කිසිම බාධාවක් නෑ..! – මාලිමා මන්ත්‍රී…

November 22, 2025 at 9:59 am | by emanisa.lk

නුගේගොඩ රැලියේ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කළේ එමගින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සිදුවිය හැකි අවහිරතා වැළැක්වීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

එසේ නොමැතිව එම රැලියට බාධා කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නොතිබුණු බව ද ඔහු අවධාරණය කරයි.

ඊට පෙරදා තංගල්ලේ දී ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැලිය ඒ අවට කිසිදු විභාග මධ්‍යස්ථානයක දරුවෙකුට බාධාවක් නොවන ආකාරයට පැවති බව ද රුවන් මාපලගම ප්‍රකාශ කරයි.

ඊයේ (21) සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *