මාලදිවයින් සංචාරයකට නිමා කර දිවයිනට පැමිණි ජනපතිවරයාගේ ආරක්ෂාවට ගුවන් තොටුපලට ගිය ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරීන් 7දෙනෙකු සිදු කළ නීති විරෝධී ක්රියාවක් නිසා ඔවුන් වාහම ස්ථාන මාරු කරන්නට වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
මීට හේතු වී තිබෙන්නේ අදාළ නිලධාරීන් නීති විරෝධී ලෙස බදු නිදහස් කළ නැත්තම් duty free වෙළඳ සැල්වලින් ආනයනික මිල අධික මත්පැන් බෝතල් 35ක් රැගෙන ඒමයි.
මේ සිද්ධිය වාර්තා වීමත් සමග ඔවුන්ට එරෙහිව වැඩ බලන පොලිස්පතිවරයා විනය ක්රියා මාර්ග ගෙන ඇති අතර එම නිලධාරීන් ඇල්පිටිය, ගාල්ල සහ මාතර ප්රදේශවලට මාරු කර යවා තිබේ.
එමෙන්ම මෙවැනි මත්පැන් බෝතල් ප්රමාණයක් එලියට රැගෙන ආවේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට ගැටළු මතුවී ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිසියේ තුල විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.