කිරි බතක් උයා උදාවන නව වසර සැමරීමට හැමටම හැකි වන ලෙස රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණ බව පරිසර ඇමති ධම්මික පටබැඳි පවසයි.
ආපදාවෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ඉදිරි සති කිහිපය තුළ ආපදා සියල්ල පරාජය කර රට තිබුණු තැනට ගෙන ඒමට සියලු දෙනා කැපවී සිටින බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.
ඇමති ධම්මික පටබැඳි මේ බව ප්‍රකාශ කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ පසු ආපදා කළමනාකරණ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.