ජනපති හිමිකම් අහෝසි කළේ මහින්ද ඉලක්ක කරගෙන නෙවෙයි…! – ඇමති නලින්ද ජයතිස්ස….

September 10, 2025 at 9:34 am | by Namal

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වී එය නීතියක් බවට පත්ව ක්‍රියාත්මක වන විට මේ රටේ විධායක ජනාධිපතිවරුන් ලෙස සිටි අය සදාචාරාත්මකව හා නීති ප්‍රකාරව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මෙය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන සිදුකළ පනත් සංශෝධනයක් නොවන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් ඉවත් කිරීමට දිනයක් තීරණය කර තිබෙනවා දැයි මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැති නලින්ද ජයතිස්ස මේ බව කීවේය.

මේ පනත් සංශෝධනය දැනට ජීවත්ව සිටින සියලුම හිටපු ජනාධිපතිවරුන් ආවරණය වන එකක් බවත් එය පාර්ලිමේන්තුවෙන් සම්මත වී කථානායකවරයා අත්සන් කළ පසු නීතියක් බවට පත්වන අතර ඉන්පසු එම පනත හා නීතිය ප්‍රකාරව කටයුතු කිරීමට හිටපු ජනාධිපතිවරුන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද, ඉන්පසු ඒ ඒ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වනු ඇති බවද ඇමැති නලින්ද ජයතිස්ස වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *